නැගි රිය
වේගයෙන් හබා
සියක් මංසන්ධි පසුවී
අළුත්වැඩියාවෙන්
දහස් නීති උල්ලංඝනයෙන්
දඩකා අකර්මණ්‍යව…
ගොඩවෙති අය බොහෝ
බැසයති අය බොහෝ…
යලි යලිත් ගොඩව
යලි යලිත් බැසව..
කාසි නැතිවිට නිසොල්මන්ව
වාසි ඇතිවිට පවනට බඳුව..
දිනක් ලංවේ
එන්ජිම ලෙඩවේ
පොදිබැඳ රැකගත්
බක්කිය හකුලා
තැවී ඵලක් නැත
නැවතුම්පොළ ළඟ…
No comments:
Post a Comment