Monday, June 27, 2011

අයිස් කියන්නෙත්…

සත්යයේ,
හිරු පායන ඉසව්ව
සුළංකපොල් දනව්ව…

දකින්න නෙත් අඩවන්ව
විඳින්න අශ්වාසය නැවුම්ව
සිතන්න ඉස්පාසුවේ බිම ඉඳන්ම
වයන්න ගිතාරයේ හැම තතක්ම…

දසුන් තලයේ රූප රාමු මවා
හමුවූ ජීවන චරිත මවා
සවන් තලයේ සමස්වර රටා
රැව්දේ උන් දෙඩූ දෙබස් රටා…

සබැඳියාවන් හටගත්
අයිස් කැටමෙන් හැඩවන්
අයිස් කියන්නෙත් බොරුවක්
කාලය පැමිණිවිට දියවන්…

No comments:

Post a Comment