Monday, June 27, 2011

අයිස් කියන්නෙත්…

සත්යයේ,
හිරු පායන ඉසව්ව
සුළංකපොල් දනව්ව…

දකින්න නෙත් අඩවන්ව
විඳින්න අශ්වාසය නැවුම්ව
සිතන්න ඉස්පාසුවේ බිම ඉඳන්ම
වයන්න ගිතාරයේ හැම තතක්ම…

දසුන් තලයේ රූප රාමු මවා
හමුවූ ජීවන චරිත මවා
සවන් තලයේ සමස්වර රටා
රැව්දේ උන් දෙඩූ දෙබස් රටා…

සබැඳියාවන් හටගත්
අයිස් කැටමෙන් හැඩවන්
අයිස් කියන්නෙත් බොරුවක්
කාලය පැමිණිවිට දියවන්…

නැවතුම්පොළ ළඟ…


නැගි රිය
වේගයෙන් හබා
සියක් මංසන්ධි පසුවී
අළුත්වැඩියාවෙන්
දහස් නීති උල්ලංඝනයෙන්
දඩකා අකර්මණ්‍යව

ගොඩවෙති අය බොහෝ
බැසයති අය බොහෝ

යලි යලිත් ගොඩව
යලි යලිත් බැසව..

කාසි නැතිවිට නිසොල්මන්ව
වාසි ඇතිවිට පවනට බඳු..

දිනක් ලංවේ
එන්ජිම ලෙඩවේ
පොදිබැ රැකගත්
බක්කිය හකුලා
තැවී ඵලක් නැත
නැවතුම්පොළ ළ
 

Friday, June 17, 2011

අපේ ජීවිත…


පොලීසිය
ඇතිනම්
පමණක්
හෙල්මට්
පලඳී
අපේ ජීවිත
වැරදිකර
බයේ පැනයන
සොරුන්ද?

------------------------------

ප්රජාතන්ත්
අලෝකය රැඳී
ඉටි පහන්
දැල්ලට
බයේ
ගුලිවෙවී
ලන
මෙරුවෝද?
අපේ ජීවිත

වරම..

වරමක්
ලැබී
යැදිය
හැකි දේ
වැඩිවී
සිතා බලා
යැද
තැවීම පසුව…

අනුන්ගෙන් යැපීම…


ආලෝක
වර්ෂ
ගණනක්
එහායින්
උන්
තබා ගිය
එළියේ
පිහිටෙන්
ඔරායන් හිඳී
විළි වසා
අවි අමෝරා
හරිම උජාරුවෙන්


නරක ඇමරිකාව…


දෑස් දැල්වී
තිරය ඉදිරිපස
නග්න සරාගිය
නලවා ස්කන්ධය
යි අනන්තයකට

වස කර
යහමින් ඉවතලන
බීජ පොද
සනසවා ගත
නැවුම් ඉසව්වක
 

මෙහෙමත් බරක්…

මේ කඳට
මේ මනසට
සවිවූ
මා සිත්
විටක බරකි
උහුලනු නොහැකි
කාත් කවුරුත්
නොමළ නිවසකින්
ගෙන හැකිමුත්
අබ ඇට
කෙසේ පිනවම්දැයි
නොදනී මම…

උසට…


තිබුනත් සවිය
සියක් මහලක්
අශාව සැමවිට
එකසිය එක

දැරුවත් වෙර
ලැබුමට ජය
ආශාව ඉහළ
හූල්ලමින්
අපි පහළ

Monday, June 13, 2011

නිමාව?...

දිනිඳු පලායයි
විඩාබර
හිස් ගෙඩි
අතරමැද
මා
තනිව…

මුහුණත්
උනුන්ගේ
මවති
දහස් අන්දර
සිරව උනුන්
උනුන්තුලම…

කඩිමුඩිය නිමාවට
විගසින් දිනය
යලිත් ඉදිරියට
තරඟය හෙටට…

Wednesday, June 8, 2011

අහිංසක විප්ලවය...


පීඩිතයින් රවටා
මඩිය තරකර
හිනැහී
වැජඹෙනුන්ට
එරෙහිව
පැහැයක්
සලකුණක්
නොමැති
තීන්ත පිරි පෑනකින්
වර්ණ පෙවූ පින්සලකින්
ස්වර සුසර තතකින්
මිනිස් කැලක්
සිටී සැමදා
අවි අමෝරා
සොයා කාල අවකාශයක
පස්මහ බැළුම් බලා


Tuesday, June 7, 2011

ජීවන මරණය…

පිබිද
නැවුම්
සියොත් ඬින්
දිවා ලෝකය
දුටු නෙත්
පියෙන තුරු
ඳිරි රැහැයි

රැස්කර
පිං පව්
ලියලා
දහසක් බැඳිම්
අහසට උස්

නොමිනිස් කමින්
විකල් සිත් යවා
අපා සක්වල

නිමාවක් නැති
ගමනයට
සැනසිල්ලකි
තාවකාලික


Sunday, June 5, 2011

මමම…


මම සොයමි
රක්ත ධ්යහනක
වැලි කැට අතර මා
හිමිදිරි උදෑසනක
ලා තණ පිඩලි අතර මා
විදුලි විසන්ධි රැයක
පහන් දැලි අතර මා
මම සොයමි
විටක යාන්තමින්
හමුවෙමි
විශ්වයම මමම වේ

----------------------------------------

රුදුරු තනිකමක
තත් අතර
ඇගිලි තුඩු
පියමනියි
දුර ඈත
සිටක විත්
මම මා බලා
අතවනා
ඉවත යයි
අතවනා
ක්ෂිතිජ ඉම
යලි වයමි
ස්වර පෙළම
දකින තුරු මමම 


Saturday, June 4, 2011

හිස්තැනට “………….”...


මගේ
දිවි පදවැලට
හිස්ම වුනු
හිස්තැනට
“………….”
ඇය විත්
නොගලපා
දමා ගිය
වචන පෙළ
හොල්මනින්
මා හිත්
ගොම්මනට
අන්තර්ජාල
රැහැනින් විත්
තනිකමට
මොනිටරය

----------------------------------------------

ඇගේ හද
වදයෙන්
බේරුනු
දිවි පද
මධු පෙළක්
රූටා වැටුනි
මගේ
හිස්තැනට
“………….”
මවනු නොහැකිව
තානමක්
"මම මට ආදරේ ආදරේ ඇය ඇයට නෑ"

Friday, June 3, 2011

අවිධිමත් මිනිස් වෙසින්…


කාත් කවුරුවත් නොමැති
අනාථ අවිධිමත් මිනිසෙකුව
පියවර ගැලපුනිනම්
ස්ථීර මගක නොව
අස්ථීර දෙවටක

වගකීම් උතුකම්
අඩක් පසෙකලා
හිසට බරක්වන
කාසියෙන්ම මිදී

සාපේක්ෂ නිදහස් ආත්මයකි මම
ලැව් ගිනි හඹා සුරුට්ටු දල්වන...

අයාලේ ඔහේ යන කීර දියෙන් බේරා
ඇල්ලක ගල් ගුහාවක ජල බිඳු ස්වර රටා
විටක වනගතව ලා දළු පැහැය සොරා
නිමක් නැති වේරම්භ සයුරක මායිම බලා
මනස් උත්තේජනයක හීනය නවා

මාපියන් නැත
ගුරුහරුව නැත
මිතුරනුත් නැත
එහෙමත් ඵලක් නැත
 

Thursday, June 2, 2011

දුර හාදුව…


ඇගේ වත මඩල
ගිනිගත්ලපකැළැල්
තරු රෑන හැඩකර
දෝරෙ ගලා
හැලෙන
සිසිල් රශ්මිය
මා හද වලපවා
ඉරි තලා මතකය
ඉවත බැලූ
දෙකම්මුල් මත
මා තොල්පෙති
කල්යල් බලා
දහස් නෙත් රවටවා
සිඹියි දුර හාදුව