Tuesday, April 26, 2011

අපේ නුඹේ වරිගය…


වන්නමකට ගජගා
තබමින් පාද රටා
කසුන් වස්ත්රයක් ඇඟලා
නටයි නුඹේ වරිගයේ එකෙක්
දොහොත් මුදුන්දී නමදින
අපේ වරිගයේ සලකුණක්
අභිමානයෙන් උසුලා…

ගිනි අවියකට හඬගා
බිලිවෙමින් ඉකි ගසා
සුසුම් කප්පරක් හෙලලා
නැසෙයි නුඹේ වරිගයේ එකෙක්
සරු ඵලින් බරදී පුරවන
අපේ වරිගයේ අස්වැනක්
රුදුරු වෙසකින් වනසා…

Thursday, April 21, 2011

අපිට අනී…


ඉපිලුනි ගොනෙක්
ඇන මිනිසෙකුට
යාන්තමින්
ගහකින් වැටෙන…

අපිට අනී ගොනුන්
යාන්තම් නගින්නත්
කලියෙන් ගහට…

සතුටු වෙමු…
ඇන්නාට ගොනෙක්
වඩා
පොරකන
අතු උඩ
වෙන්දේසියට…

දියවුනු කිරුළු සිහිනය














මීදුම් සළුවක
සේළ ඉරා තැනු
කුරුළු කැදැල්ලක
හීන විලාපය…

අකුණු කඩාගෙන
ගුවන ඉරාගෙන
මෝසම් වැස්සක
දියව ගියාවෙද?…

දිරාපත්වෙන
පණගිය කඳකට
ඇහැකිවෙද නුඹෙ
පියස වන්නට…

සිඟිති විහඟ
තුඩකට කවන්නට
බිජු දමනු හැක
වෙන දිහාවක…

Wednesday, April 20, 2011

ආතුර සිහිනය…

ආතුර මනසට
දෑත් වනයි
භූතයෙකු
අතාත්වික
මානයක හිඳ…

වරෙන්
අපේ මානයට
නොසිට
තොපේ වැනි
බහුභූත මානයක…

විලක්කු නිවී යයි
දුම්මල විසිරී යයි…

Monday, April 18, 2011

ඇණය එන්ජිම තෙල්නිධිය ලෝකය


නොම්මර දෙකේ ඇණයක් ගලවා
අපව නංවා තවමත් යාන්තමින්
දුවයි එන්ජිම…
තෙල් නිධිය හිස් වෙලා
අපව නංවා තවමත් යාන්තමින්
කැරකෙයි ලෝකය…

ඇණය එන්ජිමට
අවශ්‍යමද?...
තෙල් නිධිය ලෝකයට
අවශ්‍යමද?...

ටික දොහකින් එන්ජිම
ලෙඩ දේවිද?...
අපිට පයින් ගාටන්න
ලෝකය ඉතුරු වේවිද?...

Sunday, April 10, 2011

රහසේ හැරයෑම…














අයාලේ
මං මුලා
ඉතිරිකර
හැඬුම්…

විරාමේ
තිත ඉරා
නටයි
සුර ළඳුන්…

ගියාවේ
මං ඔහේ
නිමාකර
පැතුම්…

නිදහසේ
ඉම කරා
සොයා
පස් බැළුම්…

Thursday, April 7, 2011

Saturn my second god...













When the sun at the orangish sky

Saturn giant at the eastern sky

When I open my brownish eyes

You just come from the years of lights.....


Flaming current from the hydrogen layer

I just want to be a very good prayer

Only god gives me a something favour

I’m gonna believe you when I get higher.....

When you see me with the coltish shy

Your dance moving through the times fly

You don’t give me a just another try

Please don’t play with my stainless shy.....

Friday, April 1, 2011

කැල්කියුලේටරය…











පිතිකරු ඉලක්කම්
හමුවේ
යෝකර්
දැමූ මා…

නුඹට මා
දෙඅත්  හුරු වූ දා
පටන්
එකයි එකයි
දෙකයි කීවද
රීවිව් එකක්
ඉල්ලීමට
පටන් ගෙන ඇත…